අපගේ දැක්ම
යහ පාලනය තුලින් සංවර්ධනයට
අපගේ මෙහෙවර
"කාර්යක්ෂමව සම්පත් යොදා ගනිමින්සමානාත්මතාවයෙන්යුක්තව සුහදාශීලී සේවාවක් මගින්,සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ මහා ජනතාවගේ ජීවන තත්වය නගාසිටුවීම "
ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්යය වර්ණවත් කෙරෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ නෙත් සිත් ඇද ගන්නා මනස්කාන්ත දියඇල්ලක් වන දුංහිඳ ඇල්ල පිහිටා තිබෙන්නේද සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ය. බුදුගේකන්ද ලෙන් විහාරයේ මහනුවර යුගයට අයත් චිත්‍ර සම්ප්‍රදායක් ද දැකිය හැකිය.
බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 කින් සමන්විත වන අතර සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයද ඉන් එකකි. මෙම කොට්ඨාසයේ මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර් 79ක් වන අතර ග්‍රාම නිලධාරි කොට්ඨාස 25 කින් සමන්විත වේ. 2017 වසරේ කොට්ඨාසයේ මුළු ජනගහනය 28184 කි. එය සිංහල, දෙමළ, මුස්ලිම් යන ජන වර්ග වලින් නියෝජනය වේ.
උතුරින් මීගහකිවුල හා කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලින්ද නැගෙනහිරින් පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයද දකුණින් බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයද බස්නාහිරින් හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයද මායිම්ව පිහිටි සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උසම ප්‍රදේශය වන්නේ නාරංගලයි. තල්දෙන හා බෝලියද්ද පහත් ප්‍රදේශ වේ. ප්‍රධාන වශයෙන් වී වගාව ,තේවගාව සහ සුළු අපනයන බෝග කොට්ඨාසයේ කෘෂි කාර්මික රටාවට අයත් වේ.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හරහා ගලනා ඔයත් අඹගහ ඔයත් කොට්ඨාසයට අයත් ප්‍රධාන ගංඟාවන් වන අතර ජල උල්පත් විශාල ප්‍රමාණයකට හිමිකම් කියනු ලැබේ.
බදුළු ඔය නිර්මාණය වන දෙස් විදෙස් සංචාරකයින්ගේ සිත් ඇද ගන්නා දුංහිඳ දිය ඇල්ල පිහිටා ඇත්තේද සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ය. එසේම වළගම්බා රජු සමයේ කරවන ලද චිත්‍ර බුදුගේකන්ද ලෙන් විහාරයේ දක්නට ලැබේ. ඌව පළාතේ ප්‍රධාන නගරය වන බදුල්ල ආසන්නයේම පිහිටි කොට්ඨාසය වන්නේද සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යි.
අපගේ ගමන් මගෙහි නියමුවෝ.........
| නම | සිට | දක්වා |
| ජී.ඒ.වැල්ලකැටිය මහතා. | 1979 | 1980 |
| එම්.එම්.ගුණවර්ධන මහතා | 1980 | 1995 |
| ආරියරත්න එදිරිසිංහ මහතා | 1995 | 1998 |
| ඩී.එම්.කරුණාරත්න මහතා | 1998 | 2001.03.01 |
| විල්බට් තෙන්නකෝන් මහතා | 2001.05.11 | 2006.02.07 |
| ආර්.ඒ.චූලානන්ද මහත්මිය | 2006.02.08 | 2010.02.14 |
| ආර්.එම්.එස්.ඩී.රත්නායක මහත්මිය | 2010.02.15 | 2014.02.04 |
| ආර්.එච්.සී .ප්‍රියන්ති මහත්මිය | 2014.02.05 | 2015.05.25 |
| එච්.එම් නන්දසේන මහතා | 2015.06.18 | 2018.04.02 |
| එන් .පී.වනසිංහ මහත්මිය (වර්තමාන) | 2018.04.05 |














