ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නපුවත් සහ සිදුවීම්
රාජ්‍ය සේවා ස්ථාන
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
ප්‍රාදේශීය සාහිත්‍යය උළෙල - 2025
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද ප්‍රාදේශීය සාහිත්‍යය උළෙල 2025.10.22 දින කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.
මෙවර ප්‍රාදේශිය සාහිත්‍ය උළෙල අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වූ අතර පළමු අධියරේදී පාසල් සිසුන් සදහා වැඩසටහනක් හා සිසු නිලුණතා ඇගයීමක් සිදු කල අතර දෙවන අදියරේ දී කාර්යාලීය නිලධාරීන් වෙනුවෙන් රසවින්දනාත්මක වැඩසටහනක් එදින දිවා කාලයේ දි පැවැත්විණ.
ස්වර්ණසර මධ්‍ය ඒකකය

Cardre Details
අනුමත හා තත්‍ය කාර්ය මණ්ඩලය 2021:
| තනතුර | මධ්‍යම රජය | පුරප්පාඩු | |
| අනුමත | දැනට සිටින | ||
| ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - |
| සහකාර ප්‍රාදේශීය ලේකම් | 01 | 00 | 01 |
| සහකාර අධ්යක්ෂ -සැලසුම් | 01 | 01 | - |
| ගණකාධිකාරී | 01 | 01 | - |
| පරිපාලන නිලධාරී | 01 | 01 | - |
| පරිපාලන ග්‍රාම නිලධාරී | 01 | 01 | - |
| භාෂා පරිවර්තක | 01 | - | 01 |
| අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | 01 | - | 01 |
| සංවර්ධන සම්බන්ධීකාරක | 01 | 01 | - |
| සංවර්ධන ක්ෂේත්‍ර සහකාර | 01 | - | 01 |
| සංවර්ධන නිලධාරී | 05 | 05 | - |
| සංවර්ධන නිලධාරී | 30 | 30 | - |
| කාර්මික නිලධාරී | 02 | 01 | 01 |
| රාජ්‍ය කළමනාකරණ සහකාර | 21 | 21 | - |
| කළමනාකරණ සහකාර | 01 | 01 | - |
| ග්‍රාම නිලධාරී | 25 | 18 | 07 |
| තොරතුරු සන්නිවේදන තාක්ෂණ සහකාර | 01 | 01 | - |
| තාක්ෂණ සහයක | 01 | 01 | - |
| රියදුරු | 02 | 02 | - |
| කාර්යාල කාර්ය සහයක | 05 | 05 | - |
සමෘද්ධි වැඩසටහන
වර්ෂ 2020 සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන
සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි බැංකු සංගම් 02කි. මෙම කොට්ඨාශයේ සමෘද්ධි ප්රතිලාභ ලබන පවුල් ඒකක 2492 පමණ තිබේ. ඉන් ප්‍රතිලාභීන් 10% ක් සවිබල ගැන්වීමට නියමිතය.
මෙහි පවතින සමාජ පරිසරය හා ආර්ථික වටපිටාව අනුව කර්මාන්ත සංවර්ධන හා අලෙවි සංවර්ධන වැඩසටහන අනුව පහත දැක්වෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් කර ඇත.
අලෙවි සංවර්ධන වැඩසටහන් යටතේ ව්‍යාපෘති 04ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා රු.200,000.00 ක මුදලක් වැය කිරීමට අපේක්ෂා කෙරේ. සමෘද්ධි ජීවනෝපාය කුඩා හා මධ්‍ය පරිමාන සංවර්ධන ව්‍යාපෘති 25ක් පමණ කෘෂි, සත්ව පාලන,අලෙවි හා කර්මාන්ත යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රු. 1125000.00 කි.
2020 සමෘද්ධි සමාජ සංවර්ධන සැලස්ම ඵලදායි වැඩසටහන් රාශියක් සමඟින් සැකසී ඇත. ඒ යටතේ දිරිය පියස නිවාස වැඩසටහන, සතුටු පවුල් සංවර්ධන වැඩසටහන, අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන,ළමා සමාජ වැඩසටහන,ජාත්‍යන්තර කාන්තා දින වැඩසටහන,ජාත්‍යන්තර දුම්වැටි විරෝධි වැඩසටහන, ළමා හා වැඩිහිටි දින වැඩසටහන, ජාත්‍යන්තර සාක්ෂරතා දින වැඩසටහන, පාසල් නොයන ළමුන් පාසල් ගත කිරීම යනාදී වැඩසටහන් රාශියක් වේ.
Page 1 of 2





















